New

Monday, June 3, 2019

ජාතියක් වශයෙන් මුස්ලිම් ජනතාව පාඩමක් උගන්වමින් සිටී

ජාතියක් වශයෙන් මුස්ලිම් ජනතාව පාඩමක් උගන්වමින් සිටී. සියලුම මුස්ලිම් ඇමතිවරු තනතුරු වලින් ඉවත් වී සිටී. දැන් පරීක්ෂන වලට ඔවුන්ගෙන් බාධා එල්ල වූවා යැයි චෝදනා කල නොහැක. වෙනත් ජාතික මැති ඇමතිවරුනට දූෂන හෝ මොනයම් හෝ චෝදනා මීට පෙර විය නමුදු තාවකාලික හෝ තම ධූර වලට සමුදුන් පුවතක් අසා නොමැති තරම්‍ ය. හොරු විසින් හොරු රැක්කේය. අද ත්‍රස්තවාදීන් විසින් ත්‍රස්තයන් රැකීමට උත්සාහ දරණවා යන චෝදනාවට මරු පහරක් එල්ල කරමින් ඔවුන් ත්‍රස්තවාදීන් නොවන බවත් ත්‍රස්තවාදීන් නම් ඔප්පු කර පෙන්වීමට ඉඩ ලබාදෙමින් මේ දේශපාලන යාන්ත්‍රනය තුල ආරක්ෂාව පිහිට සියලු දෙවි වරුන්ටත් ඉහලින් නොමදව ලැබෙන බව දන්නා නිසා තාවකාලික ඉල්ලා අස්වීම් ඉදිරිපත් කලෝය. මොකද මේ සියලු හස්තයන් පාළනය වන්නේ එකම අරමුණකටය ඒ බලය උදෙසාම පමණි.
රතන හාමුදුරුවන්ගේ ඉල්ලීම ජය ගන්නේ උපවාසයෙනි. සිනහවට කාරණාව බලයට ගෙන ඒමට උරදුන් කරදුන් පිරිස අද හාමතේ දුක වැපිරවීමයි. අපිට වැරදුනා අපි හදා ගමු. හැමදාකටම එය එසේමය. පැරණි කියමනක් සිහියට නැගේ. "සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා". සිංහල ජාතියේ විනාසයට හේතුව මුස්ලිම්, දෙමළ හෝ වෙනත් ජාතියක් නොව සිංහලයාමය. සිංහලයා එදාත් අදත් සිතුවේ බඩ ගැනය. බඩගින්න ඔවුනට මොන ගින්නටත් වඩා විශාල විය. ඔවුන් ඉල්ලා සිටියේ කන්න දෙයක්‍ ය. උපයාගෙන කන්න කර්මාන්තයක් හෝ මාර්ගයක් නොව. එසේ උපයාගෙන කෑමට ඔවුන් අලසය. උපයාගෙන කන එකාටද අත දෙන්නට කෙනෙක් නැති තරම්‍ ය. නැගිටින්න හදන එකා විනාස කරන මාර්ග මිස තමන්ද දියුණු වන්නට සිතන්නේ නැත. සයෝගයක් නැත. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වපුරනවා පමණි. ඇති එකාටද උවමනා වූයේ නැති වුන් වැඩි වෙන මාර්ග ඇති කිරීම ගැනය දුප්පත් කම බෝ කරන මාර්ග ගැන සිතුවා පමණි. කවදා හෝ සිංහල ඇති එකා නැති එකාට අත දුන් අවස්ථාවන් අතේ ඇගිලි වලින් ගණන් කල හැකි වෙනු ඇති. ජාතිය බෙලහීන වූයේ ජාතියේම වරදකටය ඒ වරද හැසිර වූ දේශපාලකයන් අදටත් මේ මොහොතෙදීත් මේ රංගනය හරිම සීරුවෙන් ක්‍රමවත්ව සිදු කරගෙන යමින් සිටී. මොකද උන්ට ඕන බලය මොනවට වත් නොවේ මිනිස්සු තව තවත් බෙලහීන කරමින් අසරණ කරමින් ඔවුනට සැප විදින්න, පාලනය කරන්න.
රතන හිමියන්ගේ උපවාසය, සිංහල බෞද්ධ, සිංහල බෞද්ධ ව්‍යාපාර, කතෝලික පූජකයන්, හින්දු ආගමික පූජකයන් එකට පෙල ගැසෙන නමුත් මුස්ලිම් ආගමික නායකයන් පැත්තකට විසි කර දැමීම, මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම (තාවකාලිකව ) මෙගා නාට්‍යයේ තවත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමක් නොවේද? සිංහල බෞද්ධ රටේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට උපවාස කරන්නට තරම් සිදුවීම රටේ දියුණුව, සිදු වූ හොරකම් දූෂණ, මහ බැංකු මංකොල්ලය මේ ප්‍රශ්ණ මේ සියලු කාරණා තුලින් ඈත් කර මිනිසුන්ගේ සංවේදීතාවය ලංසු තබමින් දේශපාලන වාසි ගැනීමට ඉඩ දීම සිංහල, මුස්ලිම්, දෙමල හෝ වෙනත් ජාතිකයන් වශයෙන් නොව මුලු මහත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් කණගාටුවට ලැජ්ජාවට පත් විය යුතු නොවේද?
අවසානයේ හිතන්නට කාරණාවක් විය. ඒ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කියන කාරණය නොව. අපි අසරණ කරපු කාරණාව දැඩිව සිතට ගැනීමයි. ජනාධිපති තාත්තා ඔබට අනේක වාරයක් ස්තූතියි! ඔබතුමා මේ සියලු කාර්ණා පත්තරෙන් දකිනවා විය හැකී. සමාජ මාද්‍ය හරහා දකිනවා විය හැකී.. අනේ පින් සිද්ද වෙයි මහත්තයෝ එදා කරුවලේ සේතන් මාමත් එක්ක එකතු වෙලා හොයා ගත්ත පයිසෙක තරම් වත් මේ රටට ආදරයක්, කරුණාවක්, ඇල්මක් තියෙනවා නම් පළමු කොට සිංහලයෙක් බෞද්ධයෙක් විදියට හිතන්න මේ සිංහල බෞද්ධ රටක් එතැන ඔබ සිංහයෙක් වෙනු ඇති සිංහයා යනු නායකාය. ඒ නායකත්වය සිංහල, දෙමල, මුස්ලිම් හා අන්‍ය සියලු ජාතිකයන් ආරක්ෂා කරනු ඇති.
මගේ රටට සාමය සතුට නිදහස ආරක්ෂාව අත් වේවා! ආදරෙයි අම්මේ!
මම මුදිත ශ්‍රී ලාංකිකයෙක්

No comments:

Post a Comment