New

Friday, April 10, 2015

Nestomalt awrudu krida Sinhala aurudu festival

අල්ලි පැනීම (Alli panima)



මෙය කුඩා දරුවන් ගෙමිදුල්වල සාමූහිකව කරන ජන කී‍්‍රඩාවකි. එක් අයෙක් රජු බවට පත්වේ. සෙස්සන් වැසියෝ වෙති. වැසියෝ කවාකාර රවුමක් ලෙස සමාන දුරින් සිටිති. 

අල්ලි පැනීම (Alli panima)

රජු මැද සිටිය යුතුයි. පළමුව රජුගේ අණට යටත්ව සියලූ දෙනා ‘අල්ලියක්’ ඇඳගත යුතුයි. (පයේ විලූඹත් මාපැටැඟිල්ලත් තබා බිම අඳින රවුමක්* මැද අල්ලියේ සිටින රජුගේ අල්ලිය මාලිගාව වන අතර එතැන් සිට විධානය දෙයි. කවි-සිංදු කතන්දර හෝ සිදුවීම් ගැන කථා කරමින් වටේ රවුමට සිටින්නන් රජු සමග එක් දිශාවකට ගමන් කරයි. ඒ වටේට ඇඳගත් අල්ලිවලට පිටිනි. කාටත් නොදැනෙන ලෙස රජු පිට රවුමේ එක් අල්ලියක සිටගෙන නවතින ලෙසට අණ කරයි. එවිට පිරිස වහා තමුන්ට අල්ලියක් අල්ලාගත යුතු වේ. එක් එක් අයෙකුට අල්ලියක් අහිමි වෙයි. රජු පාගාගෙන සිටින අල්ලිය මකා දමන අතර ඒ තරඟකරු තරඟයෙන් ඉවත් වේ. මෙලෙස යළි යළිත් රජු පිරිස සමඟ රවුම වටේට යමින් එක් එක් අල්ලිය බැඟින් මකා දමයි. අවසානයට ඉතිරිවන්නා ජයගන්නා වේ. මෙය කුඩා දරුවන්ට තම හිමිකම් රැුකගැනීම පිළිබඳ කියාදෙන ජන කී‍්‍රඩාවකි.

අලියට ඇහැ තැබීම (Aliyata aha tabima)

මෙය වල් අලින්ට බිය නොවීම සඳහා කුඩා දරුවන්ට කියා දෙන පාඩමකි. මෙහිදී අලියාගේ ඇස දෙස සෘජු ලෙස බැලීමට පුරුදු කරවයි. එහෙයින් කුඩා දරුවන් අතර ඉතා ජනපි‍්‍රය කී‍්‍රඩාවකි. පළමුව අඟුරු හෝ කළු පැහැයෙන් අලියෙකුගේ රූපයක් අඳියි. එසේම අලියාගේ ඇසද ලොකුවට අඳිනු ලැබේ.

අලියට ඇහැ තැබීම (Aliyata aha tabima)

 එලෙස ඇඳගත් රූපයේ සිට තරමක් ඈතින් කී‍්‍රඩාව පටන් ගනියි. එවිට තරඟකරු හෝ කාරියගේ දෑස රෙදිකඩින් බැඳ තිබේ. හුරු අතේ දබරැුඟිල්ලේ විටට කන හුනු ස්වල්පයක් ගාගෙන තරඟයට ඉදිරිපත් වේ. අනතුරුව අලියාගේ ඇස තිබෙන තැන අනුමානයෙන් විශ්වාස කර දබරැුඟිල්ලේ හුනු තවරනු ලැබේ. එවිට ඒ ඉරියව්වේ සිටියදී දෑස් බැඳි රෙදිකඩ ඉවත් කරයි. මේ නිසා තමා සලකුණු කළ ස්ථානය නිවැරදිව දැන ගන්නා අතර තරඟකරුට උදව් වන ලෙස අලියාගේ ශරීරය හා තරඟකරු ලකුණු කරන ස්ථානය පිළිබඳව නරඹන්නන් කෑ ගැසීම තහංචිය. නිවැරදි ලෙස එකවර අලියාගේ ඇසට සලකුණ තබන්නා ජයග‍්‍රාහකයා වේ.


කණාමුට්ටි බිඳීම (Kana mutti bidima)



අංගම්පොර සටන් කලාවේ ‘මුගුරු’ සටන් අභ්‍යාසයකින් උපන් කණාමුට්ටි බිඳීම තරුණ පිරිස අතර ජනපි‍්‍රය ජන කී‍්‍රඩාවකි. මෙහිදී තරමක් උසින් එල්ලන ලද මුට්ටියක් වුවමනා වේ. 

තරඟකරුගේ දෑස රෙදිකඩකින් බඳින අතර අතට මුගුරක් ලබා දෙන්නේ මුට්ටියට ගැසීම සඳහාය. නිශ්චිත දුරක සිට පැමිණ මුගුරෙන් පහර දෙන විට දෙතුන් වරක් පහර දීම තහංචිය. ඇතැම් විට මුට්ටි කීපයක් එල්ලා තිබේ නම් එහි තිබෙන නිවැරදි මුට්ටිය හෙවත් පාට කළ වතුර පිරවූ මුට්ටියට ගැසිය යුතුය.

කොට්ට පොර කෙළිය (Kotta pora gahima)



කොට්ට පොරයට බිම සිට අඩි හයක් පමණ උසින් ‘දණ්ඩියමක්’ එනම් හරස් පොල්ලක් බැඳ ගනී. සවිමත් පුවක් ගසක් භාවිතයට ගැනීම සිරිතකි. තරඟකරුවන් දෙදෙනා මුහුණට මුහුණ බලා දණ්ඩියම මත කකුල් පහළට දමා ඉඳගන්නේ අත දිගු කර පහර දිය හැකි තරම් සමීපවය. පහර දෙන්නේ පුළුන් පිර වූ කොට්ටයකිනි. එවිට හුරු අත භාවිත කළද, අනෙක් අත පිටුපසට කර බැඳ ගනි. ඒ අතින් ඇල්ලීම තහංචිය. මුහුණට ප‍්‍රතිවාදියා පහර දෙන විට සිරුරත් - මනසත් සමබරව තබාගත හැකි නම් නොවැටී සිටිය හැකියි. කොට්ට පොර කෙළිය අංගම්පොර සටන් කලාවෙන් ලැබුණු ජන කී‍්‍රඩාවකි. එයින් ජවය සහ සවිය ප‍්‍රදර්ශනය කරයි.

කණා ඇල්ලීම (Kana Allima)



පැමිණි පිරිසට අනුව ගෙමිදුලක හෝ එවැනි තැනක බිම රවුමක් ඇඳ ගනියි. මෙයට ස්තී‍්‍ර - පුරුෂ භේදයක් හෝ තරඟකරුවන්ගේ සංඛ්‍යාව පිළිබඳ තහංචියක් නැත. එක් අයෙක් කණා ලෙස ඉදිරිපත් විය යුතුයි. ඔහුගේ දෑස රෙදි කඩකින් නොපෙනෙන ලෙස බැඳගත යුතු වේ. රවුම මැදට පැමිණි විට කණා දෑත දිගු කරමින් රවුම වටේට දුවමින් පිරිස අල්ලයි. කණා රවුමෙන් පිටට ගිය විට ඇතුළට කැඳවාගන්නේද, තරඟකරුවන් විසින්මය. කණා ඇල්ලීම නැතිනම් රවුමෙන් තරඟකරුවන් පිටට ගියේ නම් දැවුණු කී‍්‍රඩකයෙකු ලෙස කණා ඇල්ලීමෙන් ඉවත් වේ. අවසානයට ඉතිරිවන්නා ජයග‍්‍රාහකයායි.

කඹ ඇදීම (Kaba adima)


සාම්ප‍්‍රදායික ‘අංකෙළිය’ නිසා කඹ ඇදීම ජන කී‍්‍රඩාවක් බව පත්වී ඇත.


 මෙය තාරුණ්‍යයේ ජවය ප‍්‍රදර්ශනය කරන්නකි. පළමුව පිට්ටනියක් තෝරා ගනු ලබයි. එසේම දෙපිළට සමාන ලෙස තරඟකරුවන් බෙදිය යුතුයි. මේ දෙපිළ ‘උඩුපිළ’ හා ‘යටිපිළ’ වේ. කඹයේ හරිමැද සළකුණක්ඳ ඒ සමඟම පොළොවේ ඉරක්ද ඇඳගෙන සමාන්තරව බිම බෙදා ගනියි. 

කඹ ඇදීම (Kaba Adima)

කඹයේ හරිමැද සිට පියවර හත බැගින් උඩුපිළට හා යටිපිළට වන ලෙස යළිත් සීමාවන් දෙකක් කඹයේත්, බිමත් සලකුණු කරයි. එක් පිළක් ජය ගැනීමට නම්, අනෙක් පිළ සතු මේ සීමාව (අඩවිය* උඩුපිළට හෝ යටිපිළට ලබා ගත යුතුය. එය අසීරුවන්නේ තරුණ ජවය හා සවිය පෙන්වමින් කඹය අදින නිසායි. එක්වරක් ජයගත් පසු යළිත් පිටිය මාරුකර කඹ අදියි. එලෙස දෙවරක් ජයගන්නා පිළ ජයග‍්‍රාහී කණ්ඩායම වේ. මෙය තාරුණ්‍යයේ සැබෑ ජවය හා සවිය ප‍්‍රදර්ශනය කරන කී‍්‍රඩාවකි.

ඔලිඳ කෙළිය (Olida keliya)




ඔලිඳ කෙළිය (Olida keliya)


මෙය යුවතියන් හා වනිතාවන් අතර ජනපි‍්‍රය පත්තිනි පූජාවක් ලෙස සැලකේ. ඔලිඳ ඇදීමට ‘ඔලිඳ පෝරුවක්’ තිබිය යුතුයි. ලීයෙන් තනාගන්නා ඔලිඳ පෝරුවේ එක් පැත්තක වළවල් (ඇහි* හත බැගින් දෙපස වළවල් දාහතරක් තිබිය යුතුයි.

                                         ඔලිඳ පෝරුව (Olida poruwa)

 එකවර ඔලිඳ ඇදිය හැක්කේ දෙදෙනෙකුට පමණි. එක් වළකට ඔලිඳ ඇට හතර බැගින් එක් පැත්තකට ඇට විසි අටකි. සියළුම ඔලිඳ ඇට පණස් හයකි. තරඟය ආරම්භ කරන විට තරඟකරුගේ රුචිය අනුව ඔහුගේ පාර්ශවයෙන් ඕනෑම ඔලිඳ වළකින් ඇට රැුගෙන ඇදීමට පුළුවනි. එසේම වමට හෝ දකුණට ගමන් කිරීමට තීරණය කළේ නම් එය දිගටම කළ යුත්තකි. මෙලෙස තමාගේ පැත්තෙන් ලබාගත් ඔලිඳ ඇට එක් වළකට එකක් බැගින් දමමින් ගමන් කළ යුතු අතර ප‍්‍රතිවාදියාගේ පැත්තටද එලෙසම කළ යුතුයි.


      ඔලිඳ පෝරුව (Gal olida poruwak)


 ඒ අනුව ඔලිඳ අදින්න වළින් වළට ඔලිඳ ඇටය බැගින් දමමින් වට කීපයක් ගිය තැන ඔලිඳ ඇට දැමීම අවසන් වූ වළට පසුව ඇති වළ හිස් නම්, ඊගාව වළේ ඔලිඳ ඇට තමුන්ට හිමි කරගත හැකියි. එක් වළක් හිස් නම් ඊගාව වළ තරඟකරු සතුකර ගනී.

             ඔලිඳ ඇට (Olida ata)

 පසුව අනෙක් පාර්ශවයට ඔලිඳ දැමීමට අවස්ථාව එළැඹේ. මෙලෙස මාරුවෙන් මාරුවට වට කීපයක් ගමන් කරන විට එක් පාර්ශවයක ඔලිඳ ඇට හිස් වේ. එවිට වැඩි ඔලිඳ ඇට දිනාගත් තරඟකරු ජයග‍්‍රාහක වේ. ඔලිඳ අදින විට බලන්නන් ඔලිඳ කෙළියේ කවි ගායනා කිරීම සම්මතයකි.

                    ඔලිඳ කෙළියේ කවි (Olida gee/kawi)


ගුඩු විදිල්ල (Gudu Widilla)


ගැටවර වියේ හා තාරුණ්‍යයේ ජවය - සවිය ප‍්‍රදර්ශනය කරන ජන කී‍්‍රඩාවකි. මේ සඳහා නිදහස් ඉඩක්, පිට්ටනියක්, වෙල් එළියක් හෝ වත්කක් තිබිය යුතුයි. ඕනෑම පිරිසකට සහභාගී විය හැකියි. ගුඩු විදිල්ලට ‘ගුඩු පොල්ල’ ලෙස අඩි පහක් පමණ සවිමත් මුගුරක් වුවමනායි. ‘ගුඞ්ඩා’ හෙවත් ‘කුට්ටා’ ලෙස වියතක තරම් කෝටු කෑල්ලක් ලබා ගත යුතුයි. පළමුව එක් ස්ථානයක් තෝරාගෙන අඟල් හතරක තරම් දිගට කුඩා කාණුවක් (ගුඩු වළ* ගුඩු පොල්ලෙන් හාරයි. එම කාණුවේ හරස් අතට විදිය යුතුයි. එවිට සෙසු තරඟකරුවන් පිටියේ ඉදිරියේ සිටින හෙයින් ගුඞ්ඩා අල්ලාගත හොත්, ගුඩු විදින්නා, පරාජයට පත්වේ. නැතිනම් ගුඞ්ඩා ගුඩු විදින්නා වෙතට එවනු ලබන්නේ එය ගුඩු වළට හෝ ඒ ආසන්නයට වැටෙන ලෙසිනි. එවිට වැරෙන් ඊට පහර දිය යුතුයි. ඒ අනුව ගුඞ්ඩා වැටුණු ස්ථානයේ සිට ගුඩු වළට ඇති දුර කොච්චර දැයි ගුඩු පොල්ලෙන් මනිනු ලබයි. එලෙස වැඩිම දුරක් ගුඞ්ඩා අතට යන ලෙස පහර දුන් තරඟකරු ජයග‍්‍රාහකයා බවට පත්වේ. ඔහුව කර තබාගෙන ජල්ලි දැමීම හෙවත් තාරුණ්‍යයේ ජවය ප‍්‍රදර්ශනය කිරීමද සිරිතකි.

වළකජු කෙළිය (Wala kaju keliya)

බක්මහට ඕනෑතරම් කජු තිබෙයි. එහෙයින් කජු ඇට රැුගෙන ගැටවරයන් හා තරුණයන් වළකජු කී‍්‍රඩාවේ යෙදෙයි. එකවර දහයක් පහළොවක් තරම් පිරිසකට සෙල්ලම් කළ හැකියි. පළමුව අවශ්‍ය තරම් කජු ලබාගන්නේ තමතමුන්ට හැකි අයුරිනි. ‘මීගොන් කජු’ ලෙස හඳුන්වන විශාල ප‍්‍රමාණයේ කජු ඇටවලට වැඩි මනාපයක් ලැබේ. එලෙසම කජු කෙළියට වැලි සහිත සමතලා බිමක් තෝරාගෙන එහි ‘කජු පෙතක්’ අඳියි. එය වියත් තුනයි වියත් දෙකට දිග පළලට හෝ රිසි ලෙසට ගනියි. මෙය හතරැුස් කොටුවකි. හරි මැදින් වළක් තනන්නේ කජු කිරීමටය. එසේම කජු පෙතේ සිට අත දිගු කර දැමිය හැකි ලෙස අවශ්‍ය තරම් ඉඩක් තබා කජු කිරන්නාගේ සීමාව ඉරක් ඇඳ සටහන් කරයි. එතැන් සිට පළමුව එක් කජු ඇටය බැගින් පෙතට ‘කිරයි’. (එනම් දමයි* එවිට පෙතේ වළට හෝ ඒ ආසන්නයට ඇති කජු ඇටයේ හිමිකරුවන් එක, දෙක, තුන ලෙස නම් කර කී‍්‍රඩාව පටන් ගනියි. එවිට පෙතට කිරිය යුත්තේ තරඟකරුවන් සියළු දෙනාගෙම් කජු ඇටයි. එහෙයින් පෙතේ වළට කජු ඇටයක් වැටී ඇත්නම් එය හෝ කිරන ලද කජු සියල්ලටම හෝ එම තරඟකරට ලැබේ. නැතිනම් සෙසු තරඟකරුවන් නම් කරන කජු ඇටයකට තමා අතැති කජ්ජෙන් ගැසිය යුතුයි. වෙනත් ඒවාට වැදුණු විට දඩයක් ලෙස කජු ඇටයක් දිය යුතුයි. වැඩිම කජු දිනන්නා ජයග‍්‍රාහක බවට පත්වේ.

බුහු කෙළිය (Buhu keliya)

වෙල් එළියක, වැව් පිටියක හෝ කෙළිපිටියක පවත්වන බුහු කෙළිය තාරුණ්‍යයේ ජවය මැනැවින් හෙළි කරන ජන කී‍්‍රඩාවකි. මෙයට සමාන ලෙස දෙකට බෙදිය හැකි පිරිසක් වුවමනා වේ. පළමුව කෙළි පිටිය සමාන්තරව දෙකට බෙදා ගනියි. එලෙස ඉරක් අඳින අතර ඒ ඉර මත පිටියේ හරිමැදින් බුහු කෙළියට ‘බුහුව’ තනනු ලබයි. මේ වෙනුවෙන් එක සමාන පොල්ගෙඩි දෙකක් ලෙලි සහිතව ගනියි. තවද, අඟල් හයක තරම් ලෑලි පතුරක් ‘ඉපියා’ ලෙස ගැනේ. බුහුව ලෙස හඳුන්වන පන‘දුව සඳහා අමු ගැට ජම්බෝල ගෙඩියක් උණු අළු පල්ලේ දමා සකසා ගැනෙයි. නැතිනම් රබර් බෝලයක් සෑහෙයි. බුහුව යැවීම පිණිස එක් පිළක්ද බුහු රැුකීමට අනෙක් පිළද සූදානම් වූ පසුව බුහු රකින්නන් බුහු අටල්ල බඳියි. එනම් බුහු පිටියේ හරිමැද අමු පොල් ගෙඩි දෙක අඟල් පහක් තරම් ඈතින් තබනුයේ ‘පගටිය’ උඩ අතට සිටින ලෙසිනි. ඒ සමඟම ඉපිය ඒ මත රඳවයි. පසුව අඞ් පහළොවක් පමණ ඈත සිට මෙය දෙපිළටම සමාන ලෙස දෙපසින් තීරණය කළ සීමාවක සිට බුහු අටල්ල යටින් පන්දුව අනෙක් පිළට යැවිය යුතුයි. යම් හෙයකින් බුහු පන්දුව අටල්ලේ වැදී අටල්ල වැටුණහොත් වහා දිවවිත් පහර ලෙස අටල්ල පැනීම කරයි. එහෙත් බුහු පන්දුව ප‍්‍රතිවිරුද්ධ පිළ අල්ලාගෙන තිබේ නම් ඔවුනට සීමා ඉරේ සිට ප‍්‍රතිවාදි පිළට බුහු පන්දුවෙන් පහර දිය හැකියි. එවිට පහර කෑ තරඟකරුවා ඉවත් වෙයි. මෙලෙස බුහු අටල්ල යටින් වැඩි වාරයක් ගිය හෝ පහර කෑමෙන් අඩු පිරිස සහිත කණ්ඩායම ජයගන්නා අතර ඔවුන්ට ‘ජල්ලි දැමීමෙන්’ සතුට පළ කරයි.

පංචා කෙළිය (Pancha keliya)




බක්මහ පංචා කෙළිය පත්තිනි කී‍්‍රඩාවකි. එහෙයින් යුවතියන් හා බවලතුන් වැඩි මනාපයක් දක්වයි. පංචා දැමීමට පංචා බෙල්ලන් හය දෙනෙකුද, පංචා පෙතක්ද වුවමනා වේ. තරඟ කරනුයේ දෙපිළක් ලෙසිනි. දෙපිලේ නායකයින් දෙපිළ ‘අය’ තබනු ලබයි. එනම් තම පිළේ ඉත්තන් ඇදීම කරයි.

පංචා/පංචා බෙල්ලන්(Panchi Bello)

             පංචා කෙළිය (Pancha kelima)

 පංචා පෙත කොටු පහ බැගින් වෙන්වූ කොටස් හතකින් හෙවත් ‘සත්පත්තිනි මඟ’ සහිතයි මෙය පහේ ඉලක්කම හා සමාන හැඩයක් ගත් තනි පෙළට ගමන් ගන්නා මාර්ගයකි. කොටු පහක් ගමන් කළ තැන කතිරය ගැසූ කොටුවකි. එය ‘ගෙවල්’ ලෙස සැලකේ. මේ ගෙවල් වැදගත්ය. ඒවා එක් පිළක් සතු නම් අනෙක් පිළට ඒ ගෙවල් කොටු තහංචි වේ. පළමු කොටු නවය කාටත් පොදු මාර්ගයකි. දෙපැත්තේම ඉත්තන් එහි සමාන ලෙස තැබිය හැකියි. දහවැනි කොටුවේ ගෙයි සිටි තරඟය ඇරඹේ. එවිට ඉත්තන් කැපීමට හැකියි. තරඟ වැදීම සඳහා ‘සළු විය’ යුතුයි. ඊට එක හෝ පහ වැටිය යුතුයි. මෙහිදි එක - පහ සහ දොළහ වැටුණු විට යලිත් ඒ තරඟකරුට බෙල්ලන් හෙවත් පංචා යළිත් දැමීමට අවස්ථාව සැලසේ. දෙකෙන් බෙදෙන සංඛ්‍යාවකින් තරඟකරුවන් ඉදිරිපත් වන අතර ඔවුනට ඉත්තකු හෝ දෙදෙනකු වෙන් වෙයි. සළු වූ පසුව වැටෙන ඕනෑම ගණනක් (අය* අදාළ කණ්ඩායමේ නායක විසින් ඉත්තන් ඉදිරියට ඇදීමෙන් පංච පෙතේ සටහන් කරයි. තනි මඟක ගමන් කරන හෙයින් ඉත්තන් කැපීමට තිබෙන ඉඩ වැඩිවේ. කෙළවරේ කොටුව ‘ජබය’ ලෙස සැලකේ. ජබේ වැටුණුහොත් ‘එක’ දැමීමෙන් ගොඩ විය හැකියි. පළමුව ඉත්තෝ සියල්ල ගොඩ දැමූ කණ්ඩායම ජයග‍්‍රාහක පිළ වේ.




ගස් කට්ටි පැනීම (Gas katti panima)


මේ සඳහා සමාන්තර දුරකින් පිහිටි ගස් හතරක් හෝ ඉණි හතරක් සමාන දුරින් සිටුවා ගනියි. ගස් හතරට තරඟකරුවන් හතර දෙනෙක්ද, මැද සිට ‘ගස් රකින්නා’ වශයෙන් පස් දෙනෙකුට එකවර කී‍්‍රඩා කළ හැකියි. ගස් හතර හිමි තරඟකරුවන් කැමති ලෙස ගස් කට්ටිය මාරු විය යුතු වේ. ඒ ලැබෙන අවසරයෙන් ‘ගස් රකින්නා’ වහා දිව ගොස් ගසක් අල්ලා ගනියි. එවිට ගසක් අහිමි වූ තරඟකරු ‘ගස් රකින්නා’ ලෙස මැද සිට කී‍්‍රඩා කිරීමට පටන් ගත යුතු වේ. ගස් කට්ටි පනින විට තත්පර 15කට වඩා එක ගසක රැුඳි සිටීම හෝ අලස ලෙස එකම ගස රැුඳී සිටීම තහංචිය. එසේ වුවහොත් එම තරඟකරුට ගස අහිමි වෙයි. ‘ගස් කට්ටි පැනීම’ කුතුහලය දනවන අවදානම් දැරීමේ ජන කී‍්‍රඩාවකි. එසේම මෙය දරුවන්ගේ ජවය ප‍්‍රදර්ශනය කරන කී‍්‍රඩාවකි.

No comments:

Post a Comment